පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට ගෙනා ඩ්‍රෝන යානාව ලක්ෂ 50කට තට්ටු කරයි.

Sri Lanka Army Parliament of Sri Lanka
By Wayomi Aug 13, 2022 09:28 AM GMT
Report

පසුගිය මස 20 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා යෙදවූ ඩ්‍රෝන යානය දියවන්නා ඔයට කඩාවැටී තිබෙනවා.

ඒ හේතුවෙන් රුපියල් ලක්ෂ 50කට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම යානය පාවිච්චියට ගත නොහැකි අන්දමට විනාශ වී බවද සඳහන්.

මේ ඩ්‍රෝන යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වූවක්.

යානයේ බැටරිය දුර්වලවීම නිසා එය මෙසේ කඩා වැටී ඇති අතර ඒ අවස්ථාවේදී යානය නිරුපද්‍රිතව ගොඩ බස්සවා ගැනීමට ගුවන් හමුදා නිලධාරීන් උපරිම උත්සාහ දරා ඇතත් එය ව්‍යාර්ථ වී ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW