පළමු වන වේදිකාවට ගොඩ වූ දුම්රියේ රියදුරු ගැන ගත් තීරණය. - (VIDEO)

Sri Lanka Railways Accident Department of Railways
By Wayomi Apr 16, 2024 11:52 AM GMT
Report

ඊයේ (15) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළා.

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක් තිබුනා.

කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බවයි ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.