ඖෂධ අධි මාත්‍රාවක් දී බිරිඳව ඝාතනය කිරීමට තැත්කළ වෛද්‍යවරයා..!
ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත කර මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
බම්බලපිටිය පොලිස් වසමේ ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයේ පදිංචි කාන්තාවක් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිලට ඇතුළත් කර ඇති අතර ඇය රෝගීවීම සැක බවට බම්බලපිටිය රෝහලට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සදහන් කළා.
අදාල කාන්තාව ඉන්සියුලින් ඖෂධය අධි මාත්‍රාවක් ශරීරගත වීම හේතුවෙන් මෙසේ අසනීප වී ඇති බව ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරු දැනුම් දී ඇත.
ඒ අනුව වැඩිදුර විමර්ශනයේ දී කාන්තාවගේ සැමියා විසින් ඉන්සියුලින් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත කර ඇති බවට අනාවරණය වීමෙන් පසු ඊයේ (30) අදාළ සැකකාර සැමියාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 33ක් වූ ත්‍රිකුණාමලය රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු බවට අනාවරණය වී ඇත.
සැකකරු විසින් ඖෂධ ශරීරගත කිරීමට භාවිත කළ බවට සැකකරන සිලින්ජර් කටුවක් ද සැකකරුගේ නිවසේ තිබී සොයා ගෙන ඇත.
ඔහු දින කිහිපයකට පෙර මෙම ඖෂධය ශරීරගත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රෝගී කාන්තාව කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද (01) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බම්බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |