ජනාධිපති අරමුදල ගත් තීරණය..
ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වන විට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන ඇත.
එම අයදුම්පත්වලට අදාළ ගෙවීම් කටයුතු ද බොහෝ ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති බවත් ඉතිරි අයදුම්පත් සම්බන්ධයෙන් අදාළ මුදල් ගෙවීම් කඩිනමින් නිරවුල් කරමින් සිටින බවත් එම කටයතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරිමට නියමිතව ඇති බව එහි ලේකම් ඩබ්.ඒ. සරත් කුමාර මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙම වර්ෂය තුළ වෛද්‍යාධාර සඳහා රුපියල් මිලියන 1500කට ආසන්න මුදල් ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන්.
ජනාධිපති අරමුදල වෙත 2022-08-01 දින වන විට ලැබී තිබූ අයදුම්පත් 8210ක ප්‍රමාණයක වැඩකටයුතු සිදු නොකර ගොඩගැසී තිබිණ.
කෙසේවෙතත් මෙම දෙසැම්බර් 31 දිනට පෙර එම අයදුම්පත්වලට අදාළ වැඩකටයුතු නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති අරමුදලේ නව ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර මහතා වෙත ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු කඩිනම් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |