60කගේ අක්ෂි දෝෂ ඇති කළ යාපනයේ සංගීත ප්‍රසංගය.

Sri Lanka
By Wayomi Feb 24, 2023 07:24 AM GMT
Report

යාපනයේ චාවාකච්චේර් ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ පුද්ගලයින් හැට දෙනෙකු පමණ පසුගිය 22 වැනිදා අක්ෂි රෝගවලට ගොදුරු වී තිබෙනවා.

ඒ, සංගීත ප්‍රසංගයට පැමිණි කඩා කප්පල්කාරීන් පිරිසක් විසින් එල්ල කළ ලේසර් කිරණ සහිත දුමාරයක් හේතුවෙන්.

සංගීත ප්‍රසංගය අතරවාරයේ එල්ල වූ මෙම දුමාරය නිසා අක්ෂි රෝගවලට ලක් වූවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතර එකම පවුලේ සාමාජිකයින් හතර පස්දෙනා බැඟින් මේ දුමාර ප්‍රහාරයට හා ලෙසර් කිරණ ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වෙනවා.

අක්ෂි රෝගවලට ලක් වූවන් කියා සිටින්නේ තරුණයින් පිරිසක් මේ ලේසර් කිරණ ප්‍රහාරය හා දුමාරය එල්ල කොට සංගීත ප්‍රසංගය පැවති ක්‍රීඩාංගණයෙන් පලා ගිය බවයි.

ඔවුන් කළු පැහැති වැහි කබා පැලඳ යතුරුපැදිවල ගමන් කරන හිස්වැසුම් (හෙල්මට්) පැලඳ සිටි බවද වාර්තා වෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW