පිටරටින් ගත් ඩොලර් ගැන මහබැංකුවෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee
By Aruna Apr 17, 2023 06:22 AM GMT
Report

පසුගිය 2023 මාර්තු මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 453.06 ක් මිල දී ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා.

එසේම 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 287 ක් සහ ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 348.79 ක් මිල දී ගැනීමට ද මීට පෙර මහ බැංකුව කටයුතු කර තිබුණි.

ඒ අනුව 2023 මුල් මාස 03 තුළ දී ඩොලර් මිලියන 1,088.85 ක් මහ බැංකුව මිල දී ගෙන ඇති අතර මෙම කාලය තුළ විකුණා ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 226.17 ක්.

සමස්තයක් ලෙස ගත් කල වසරේ මුල් කාර්තුව තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 862.68 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now