හනිමුන් ගිහින් නිවසට ආ මනාලිය මනාලයාගේ කන සපා කාලා.

Sri Lanka
By Wayomi Jan 26, 2023 10:32 AM GMT
Report

විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට පැමිණි මනමාලියක් මනමාලයාගේ කන සපා කෑ පුවතක් ගම්පොලින් වාර්තා වෙනවා.

ඒ , එදින සවස නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කළා යැයි උරණ වෙමින්.

ඇය මනමාලයාට පහරදුන් මනමාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාළ කොට, කන සපා කෑල්ලක් කඩා, මනමාලයාගේ නැගණියට ද පහර දී, නැන්ද මාමාට බැණ වැදී පැලද සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මනමාලයා හා මනමාලිය වසර හතක් ආදරය කොට විවාහ වූ යුවළක් බවයි ගම්පොල පොලිසිය සඳහන් කරන්නේ.

මනමාලිය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇය පුද්ගලික මුල්‍ය ආයතනයක ද සේවය කොට ඇති අතර මනමාලයා ගලත ප්‍රදේශයේය. ඔහුද පුද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි.

දෙදෙනාගේ විවාහය මීට දින පහකට පෙර සිදුකර ඇත්තේ විශාල මුදලක් වැය කරමින්. ඡායාරූප ශිල්පියාට පමණක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලබා දී තිබෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW