පෙම්වතිය කොල්ල කෑ පෙම්වතෙකුට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka Gold
By Wayomi Jun 07, 2023 08:28 AM GMT
Report

පෙම්වතියගේ රන් භාණ්ඩ සහ ජංගම දුරකථනය කොල්ලකෑ පෙම්වතකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි තරුණයෙක්.

මෙම පෙම්වතා සමඟ වසර දෙකක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් පසුව පෙම්වතිය තවත් පෙම්වතකු සමඟ ආලයෙන් වෙලී ඇති බව මෙම පෙම්වතාට හසුවී තිබෙනවා.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ පෙරේදා රාත්‍රියේ අලුත් පෙම්වතා මුණගැසීමට පෙම්වතිය නිවසෙන් බැහැරව යන බවයි.

ලද තොරතුරු මත පෙම්වතියගේ නිවෙස පිටුපස සැඟව සිටි ඔහු පෙම්වතිය බැහැරට යන අවස්ථාවේදී ඇය සතු ජංගම දුරකථනය සහ රන්මාලය කොල්ලකා පලා ගොස් තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW