බේකරි හිමියාගේ දියමන්තියක් කුකීස් සමඟ විකිණිලා සිදු වූ අලකලංචිය. - (VIDEO)
United States of America
By Wayomi
ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස්හි බේකරි හිමියෙක් ඇගේ ඩොලර් 4000 (රුපියල් ලක්ෂ 3.3) දියමන්තිය සොයා ගැනීමට මිනිසුන්ගෙන් උදව් ඉල්ලනවා.
සිස් ස්වීට්ස් කුකීස් ඇන්ඩ් කැෆේ හිමිකාරිය වෙන ඇය සිකුරාදා දින තම බේකරියේ කුකීස් පිළිස්සීමෙන් පසු ඇයගේ විවාහ ගිවිස ගැනීමේ මුද්දේ මැද තිබූ දියමන්තිය අතුරුදහන් වී ඇති බව තමා දැක තිබෙනවා.
ඇය විශ්වාස කරන අන්දමට මුදුවේ තිබූ දියමන්තිය කුකීස් සමඟ අලෙවි වී ඇති අතර ඇය එලෙස සැක කරන්නේ, කුකීස් සැකසීමට ගන්නා පිටි ගුලි සාදා ඇත්තේ එම මුදුව පැළඳගෙන වීම හේතුවෙන්.
ඒ, අනුව දශක හතරකට ආසන්න කාලයක් පැලඳගෙන සිටි මුද්ද කුකීස් කනවිට හමුවුණොත් තමන්ට ලබා දෙන ලෙස ඇය ඉල්ලා තිබෙනවා.