කුවේටයෙන් එළියට දැම්ම කතුන් 32දෙනා.

SriLankan Airlines Sri Lanka Sri Lankan Peoples Kuwait
By Madheeha_Naz May 16, 2023 04:54 AM GMT
Report

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් ,එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ 32 දෙනෙකු අද අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම කාන්තාවන් ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළාවිත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතරතුර ස්ව කැමැත්තෙන්ම ශ්‍රී ලංකා බලා යෑමට තානාපති කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකි .

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් එරට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර , මැදිහත් වී කටයුතු කිරීමෙන් පසු මෙම පිරිස තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා .

එසේම මේ වනවිට 30,000 ක පමණ පිරිසක් සිය ගිවිසුම් ගත සේවා ස්ථාන වලින් පළා විත් , වීසා නොමැතිව , පිටස්තර ප්‍රදේශ වල රැකියා කරමින් ජීවත් වන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW