දකුණු තායිලන්තයේ පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් - වැඩි විස්තර

Sri Lanka Thailand
By Sewvandhi Aug 17, 2022 12:11 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්ථාන 17ක පිපිරීම් සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ලවී ඇති බව සඳහන්. ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නැහැ. මෙම සිදුවීම් 17 එකිනෙක සම්බන්ධතාවක් පවතින බවටයි තායිලන්ත ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

මැලේසියා දේශ සීමාව ආසන්නයේ පිහිටි තායිලන්ත නගරවල මෑත කාලීනව ගැටුම්කාරී තත්ත්වයක් නිරීක්ෂණය වනවා. මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ 2004 වසරේ සිට මේ දක්වා ගැටුම්වලින් 7300කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මේවන විට රැඳී සිටින්නේ තායිලන්තයේයි. ඔහු අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද ප්‍රකාශ කළා. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී ඉන් පිටව යන අවස්ථාවේදියි.

ගෝඨාභය රාජපක්ෂට තම රටට ඇතුලු‍ වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මානුෂීය හේතුන් මත බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය ලබාගන්නා තුරු ඔහුට තාවකාලිකව රැඳී සිටිය හැකි බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා. මෙරට ජනතාව දැක්වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට යන තෙක් රැදී සිටියේ සිංගප්පූරුවේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now