ගුරු විරෝධතාවයට අධිකරණ නියෝගයක්.
අද (22), ගුරු මාරු මණ්ඩලය විසුරුවා හරින ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව සිදුකරන විරෝධතාවයට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට ඇතුළු වීම වළක්වමින් ය.
මහජනතාවට පීඩාවක් නොවන සේ උද්ඝෝෂණය සිදුකරන ලෙසත්, රාජ්‍ය දේපලවලට අලාභ හානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී විරෝධතාකරුවන්ට නියෝග කර ඇත.
එමෙන්ම කොටුව දුම්රියස්ථානයේ සිට CTO හන්දිය දක්වා ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යොර්ක් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වට රවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර දක්වාත් ඇති මාර්ගයන් අවහිර නොකරන ලෙස ගමන් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |