උපාධිධාරී රාජ්‍ය සේවකයින් ගුරු සේවයට ගන්න විභාගයට දින නියම වෙයි.

Government Of Sri Lanka Sri Lankan Schools Education
By Wayomi Mar 14, 2023 09:14 AM GMT
Report

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය පැවැත්වෙන දිනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ, අනුව විභාගය දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341කදීයි මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට එම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතුයොදා තිබෙනවා.

පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදුකරනු ඇති.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්