ජනපති ඇතුළු සියලු නිලධාරීන්ගෙන් බදු අය කිරීමට ක්‍රමයක් ..!

Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lanka Harsha de Silva
By Sewvandhi Jan 13, 2023 12:39 PM GMT
Report

රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කරන්නේ, රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන් ම නිලධාරින්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අයවිය යුතු බදු නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බවයි.

පසුගියදා (10) 2023 වසර සඳහා බදු අයකර ගැනීමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ මුදල් කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේ දී එතුමා මේ බව අවධාරණය කළා.

සභාපති ආචාර්‍ය හර්ෂ ද සිල්වා මෙහිදී වැඩිදුරටත් ඉස්මතු කරමින් සඳහන් කළේ, මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලයෙකුට හිමිවන වාහන , නිවාස, සේවකයින් ආදී ප්‍රතිලාභ අයත් වන බැවින්, ඒ සියල්ල සලකා බලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදු කළ යුතු බවයි.

2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගිනුයි. එම මුදල රුපියල් බිලියන 603ක් සහ එහි එකතු කළ අගය මත බද්ද (වැට්) මගින් රුපියල් බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවත් දේශීය ආදායම් නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now