විද්‍යවට පෙර දිවේ රස අංකුර සොයාගත් හැටි.
අපි ජීවත් වෙන්නේ ධර්මය, විද්‍යාව, ගණිතය සමඟ පබැදුණු ස්වභාව ධර්මයත් එක්ක. ඒක ඇත්තම විශ්මය ජනකයි. මෙහි අපි නොදන්නා ගොඩක් දේවල් සැඟවිලා තියෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් මෙතෙක් කාලයක් සැඟවී තිබූ අපි නොදැන සිටි කරුණක් ගැනයි.
" බුද්ධ සමයේ, ඒ කියන්නේ, බුදුරජාණන් වහන්සේ විසූ කාලයේ දිනක් පුද්ගලයෙක් අහාර ගනිද්දී, බුදුරජාණන් වහන්සේගෙන් අසනවා, අපිට එහි රසය දැනෙන්නේ කොහොමද කියලා. එවිට උන්වහන්සේ වදාරන්නේ. අපගේ දිවේ ලුණු ගෙඩියක් කැපූ විට තිබෙන ආකාරයට සමාන ව්‍යුහයක් දිවේ තිබෙන අතර එමගින් අපට රසය දැනෙන බවයි."
ඉතින් විද්‍යාවත් සමඟ වර්තමානයේ ජීවත් වන බව මෙම දාර්ශනික වාදයන් පිළිගන්නවද? නැද්ද? කියන එක නම් දන්නේ නැහැ.නමුත් දිවේ රස අංකුර ගැන නවීන විද්‍යාව පවා සොයාගෙන ඇති කරුණු දිහා බැලුවොත් එදා බුදුන් වහන්සේ වදාළ කරුණු සත්‍යක් බව වැටහේවි.
විද්‍යාවට අනුව,
👅 මිනිසාගේ දිවේ රස සංවේදනයට දායක වන්නේ රස අංකුර (taste buds) නම් රසට සංවේදී ප්‍රතිග්‍රහකයි .මේ රස අංකුර වල රස සංවේදී සෛල හුගක් තියනවා. ආහාර වල අඩංගු රසායනික සංයෝග රස අංකුර වල ඇති රස සංවේදී සෛල තුලට ගොස් සෛල තුලට විසරණය (diffuse ) වෙනවා . එවිට එම සෛල උත්තේජනය වෙලා ස්නායු ආවේග නිකුත් කර අපේ මොළයේ පිහිටන මස්තිෂ්කයේ රස සංවේදී කොටසට මෙම ආවේග සම්ප්‍රේක්ෂණය කරනවා. එතකොට ඉතින් මස්තිෂ්කයේ මෙම රස සංවේදී කොටස අදාළ රසය හඳුනා ගන්නවා.
මස්තිෂ්කය රස හඳුනා ගන්න හැටි
👅 මස්තිෂ්කය බලනවා දිවේ මොන කොටසින්ද මේ ස්නායු අවේග වැඩියෙන් එන්නේ කියලා. ඒ කියන්නේ දිවේ අග කොටසේ රස අංකුර සංවේදී වෙන්නේ 'පැණි රසට ' . ඉතින් අපි චොකලට් එකක්, ටෝෆියක් කෑවත් ඒකේ රස දැනෙන්නේ දිවේ අග කොටසින්. එතකොට කෑම වර්ග ගොඩක් එක වර කනවා නම් මේ ඔක්කොම රස වලට අදාළ රස අංකුර වල රස සංවේදී සෛල ආවේග මොළයට නිකුත් කරන නිසා අපිට මික්ස් වෙච්ච රහක් දැනෙනවා.
රස අංකුර
🧅 මේ රස අංකුර නිකන් හරියට බුදුරජාණන් වහන්සේ කිවා වගේ ලුණු ගෙඩියක් දෙකට කැපුවම දකින ව්‍යුහයට සමානයි. හැබැයි මේවා පිටට පෙන්නේ නැහැ.
🧅 විශාලක කාචයක් ගෙන ඔබේ දිව ඔබ විසින්ම නිරීක්ෂණය කළහොත් එහි මතුපිට රතු පැහැ ලප විසිරී තිබෙනු ඔබට දැකිය හැකියි.
🧅 දිවෙහි රසාංකුර පොකුරු වශයෙන් පිහිටන අතර ඔබට නිරීක්ෂණය වන කුඩා රතු ලපයක් තුල සාමාන්‍යයෙන් රසාංකුර 6ක් පමණ ගැබ්ව තිබෙනවා.
🧅 මේවා තුනී සෛල ස්ථරයකින් ආවරණය වී තිබෙනවා.
🧅 අපේ පියවි ඇසට රතු පැහැ ලපයක් සේ දිස් වන්නේ එවැනි රසාංකුර පොකුරක් වට කරමින් සැදී ඇති සෛල ස්ථරයයි.
🧅 මේවා පිටිකා නමින් හඳුන්වනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |