"..කාලයක් යයි එයාට අපි නැතුව ජීවත් වෙන්න පුරුදුවෙන්න.." ලගදී විවාහා වූ නටාෂා පෙරේරා කියූ සංවේදී කතාව...

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Jan 14, 2023 04:33 PM GMT
Report

මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය තරුවක් වූ ටනාෂා සහ ඇගේ සැමියා සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් මේ.. 

 ටනාෂා විවාහ වුණාට පස්සේ ගෙදරට වෙලා නිදහසේ හිටියෙත් නැහැ නේද..?

ඔව්. වෙඩින් එක ඉවර වෙලා අපි දෙන්නා දඹුල්ලේ ගියා. හෝම්කමින් එක නිසා 19 වෙනිදා කොළඹ ආවා. හෝම්කමින් එක ඉවර වෙලා පහුවදාම ඒ කියන්නේ 20දාම ෂූටිං ගියා. හස්බන්ඩ්ගේ ගෙදර අයට මගේ මූණවත් මතකද දන්නේ නැහැ පොඩි වෙලාවක්වත් ගෙදර නැහැ එයාලා එක්ක. ෂූටින් වැඩවලට ගියේ. මේ දවස්වල නම් දිගටම ගෙදර ඉන්නේ. මගේ කිසිම දෙයක් මේ ගෙදරට ගේන්න තරම්වත් වෙලාවක් තිබ්බේ නැහැ. ඒ හැමදේම දැන් තමයි කර ගන්න ඕන.

විවාහ වුණු ගමන් එක දිගට වැඩ ටික කරලා අවසන් කරේ රංගනයට සමු දෙන්නවත්ද..?

කොහෙත්ම නැහැ, විවාහ වුණාට සුපුරුදු පරිදිම වැඩ ටික කරගෙන යනවා. වෙඩින් එකේ වැඩ නිසා ෂූටිං යන්න බැරි වුණා. දින එහෙට මෙහෙට කරගෙන වෙඩින් එකට ලෑස්ති වුණේ. ඉතින් වෙඩින් එක ඉවර වුණු ගමන් ආයෙමත් එක දිගට වැඩ කරන්න වුණා. ඒකයි සිද්ධ වුණේ. එහෙම නැතුව රංගනයට තිත තියන්න නෙමෙයි.

ආදරේ කරපු කාලේ හැම දෙයක්ම ඉවසගෙන හිටියට දැන් ඔබට තියෙන කාර්යබහුලකම දැකලා සැමියට ඔබේ රඟපෑමත් එපා වෙලා ඇති..?

මම එදත් අදත් ගොඩක් වැඩ භාර අරන් කළේ නැහැ. නිදහසේ ජීවත් වෙන්න මට කාලය තිබ්බා. මේ ටිකේ තිබ්බ කාර්යබහුලකම එයා තේරුම් ගත්තා. දැන් අායෙමත් නිදහසේ ජිවත් වෙන්න පුළුවන්. එයා නිතිරීති දාන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් කාර්යබහුල වෙන දවසට එයා ඒක තේරුම් ගනියි. එපා වෙන එකක් නැහැ. මොකද මේක මගේ පුරුදු පාරනේ. මටම එපා වෙනකල් එයා ඉවසයි.

විවාහ ජීවිතේ කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ අලුත් ආරම්භයක්, මේ වගකීම් සහිත ජීවිතේට හුරු වෙන්න කාලයක් යයි නේද..?

මේ ගෙවන්නේ හරිම නුහුරු ජීවිතයක්. මගේ නංගිලා තුන්දෙනා හා අම්මා එක්ක ඉපදුණු දවසේ ඉඳලා ගැවසිලා ජීවත් වෙලා වෙනම පරිසරයකට ආවම ලොකු වෙනසක් දැනෙනවා. ඒ වෙනස දැනෙන්නේ මගේ ගෙදර හා මගේ පවුලේ අය එකට නැති වීම මිසක් මේ ගෙදර පිට ගෙයක් වීම නෙමෙයි. මේ ගෙදර මට මගේ වගේ ජීවත් වෙන්න තියෙන්නේ. මගේ අම්මා වගේමයි අනුරාධගේ අම්මා මට සලකන්නේ. තවම උයන්නවත් ඉඩ දීලා නැහැ. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. අම්ම, නැන්දා ඉන්නවා. මේ හැමෝම මට ආදරේ යි. උදේ 5.30ට මාව ෂූටිංවලට ගන්න වාහනේ එද්දී එයාලා හරියට දුක් වෙනවා කාලවත් යන්නේ නැහැ කියලා, හැමදේම හොඳින් වුණත් මේ ජීවිතේට හුරු වෙන්න කාලයක් යයි.

කාලයක් තිස්සේ ඔබේ පසුපසින් හිඳ ඔබව ආරක්ෂා කළේ මව. ඔබ නැති නිසා ඇය තවම සොවින්ලු නේද ..?

ඔව්. අම්මා හරිම දුකෙන් ඉන්නේ. මේ පළමු අවුරුද්ද අම්මයි, විවාහ නොවුණු නංගියි විතරක් ගෙදර තනියම ඉන්න. අපි නව වසර සැමරුව. අපි කවුරුත් අම්මාව තනි කරන්නේ නැහැ. කොහේ ගියත් පොඩ්ඩක් ගෙදර දුවලා එමුද කියලා හස්බන්ඩ්ගෙන් අහලා අපි දෙන්නා ගෙදර ගිහින් ඔළුව දාලා එනවා. ඒ එනකොටත් අම්මා අඬනවා. මොනවා කරන්නද ඉතින් එයාටත් කාලයක් යයි අපි නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න.

සෑහෙන කාලයක් හැංගි හොරා ආදරේ කරලා විවාහ වුණේ ව්‍යාපාරිකයෙක් එක්ක නේද?ජනප්‍රිය තරු ෆැෂන් එකට විවාහ වෙන්නේ ව්‍යාපාරිකයින් එක්ක කියලා බොහෝ දෙනෙක් කියනවා..?

අපි දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා විවාහ වුණේ . එයා අනුරාධ වීරරත්න. ව්‍යාපාරිකයෙක් තමයි. මම නිළියක් කියලා එයා දැනගෙන හිටියට මුලින් කතාබහ කරද්දී එයා ව්‍යාපාරිකයෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැ, මම නම් ආදරේ කරේ අනුරාධ කියන පුද්ගලයාගේ තිබුණු හොඳ ගතිගුණ නිසයි. අපේ පවුලේ ගෑනු විතරයි ඉන්නේ. මගේ අම්මට එයා හොඳ පුතෙක්. මගේ නංගිලාට හොඳ අයියා කෙනෙක්. ජීවත් වෙන්න සුදුසුම කෙනා මුණගැහුණා. එයාගේ රස්සාව බලන්න ගියේ නැහැ. ආදරේ කළා. විවාහ වුණා. මගේ විවාහය මම ෆැෂන් එකක් කර ගත්තේ නැහැ.

ඔහු ටනාෂා නිළියක් කියලා දැනගෙන හිටියා කිව්වනේ, ඔබ රඟන චරිතවලින් ඔහු කැමතිම චරිතය මොකක්ද ..?

එයා මාව දැකලා තියෙනවා නාට්‍යවලින්. ඒ වුණාට කැමති චරිතයක් කියලා නැහැ. එයා කැමති ටනාෂාට. ඒ කියන්නේ මට කැමරාව ඉස්සරහාට එන චරිත වලට නෙමෙයි

දීග කන්න ගියාට උයන්න පිහන්න එහෙම පුළුවන් ද ..?

ඔව් උයන්න පුළුවන් ඒත් නිතරම උයන කෙනෙක් නෙමෙයි මම. මෙහෙට ආවට පස්සෙ නම් තවම උයන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඇත්තටම ටනාෂා උයන කෑම කන්න පුළුවන් ද කියලා අහලම ඇයගේ ආදරණීය සැමියා අනුරාධ එක්ක කතාබහ කරන්න ආරම්භය ගත්තා. ඔහුගේ උත්තරය වුණේ, එයා උයන්න දන්නවා. එයාගෙ ගෙදර ගිය දවස්වලට එක එක කෑම වර්ග හදලා දුන්නා කන්න කියලා. නමක් එහෙම එයා දන්නේ නැහැ. එයාට ඕන විදිහට හදනවා. රෙසිපි නැහැ. සමහර කෑම ආයේ වතාවක් හදන්න එයා දන්නෙත් නැහැ. ඒ වුණාට කන්න පුළුවන්, රසයි.

නිළියක්ව මේන්ටේන් කරන්න ලේසි වෙන එකක් නැහැ කියලා කවුරුත් කියලා නැද්ද අනුරාධ ..?

එයා නිළියක් වෙන්නේ කැමරාව ඉස්සරහා විතරයි. එතැනින් එහාට එයා හරි සිම්පල් චරිතයක්, විවාහය කියන්නේ හරි පරිස්සමින් කර ගන්න ඕන දෙයක්. වැරදුණොත් හදන්න අමාරුයි ඒ ජීවිතේ.

ඇත්තටම අනුරාධට බය හිතුණේ නැද්ද නිළියක් බඳින්න..?

පාටි එකකට ගිහිං යාළුවෙක් මාර්ගයෙන් තමයි ටනාෂා එක්ක කතා කරන්නේ. එයාව ටීවී එකෙන් දැක්කට ළඟට දැක්කේ මුල්ම වතාවට එදා තමයි. මමත් හිතුවේ නිළියක් නිසා හරි ආඩම්බරයෙන් ඇති කියලා. ටීවි එකෙන් දකිනවට වඩා හරි ලස්සනයි. මුලින්ම කෙනෙකුට හිත යන්නේ රූපෙටනේ. මගේ හිතත් ගියේ එයාගේ රූපය නිසයි. ඊට පස්සේ ටික ටික කතා කරා. කතා කරද්දි හිතුණා හොඳයි කියලා. අවුරුදු පහක් ආදරේ කළා කියන්නේ ඉතුරු කාලේ එයත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ නිසා මට නම් බයක් දැනෙන්නේ නැහැ දැන්. නමුත් ජනප්‍රිය සමහර අයගේ පවුල් අවුල් දැකලා අහලා තියෙන නිසා මුලින් බයක් දැනුණා.

කාලයක් ආශ්‍රය කරද්දි ඒක නැති වුණා ඒ වුණාට එක පාරටම ආදරෙයි කියන්න බය වුණා නේ..?

ඒක ඇත්ත. බැහැ කිව්වොත් ආයේ ආයේ අහන්න බැහැනේ, හොඳ හිත දිනා ගැනීම තමයි මුලින්ම කළේ. නිතරම කතා කරද්දි තේරුණා එයාට මම ගැන කැමැත්තක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි ශේප් එකේ යෝජනා කළේ. එක පාරටම ආදරෙයි කියන්න ගිහින් බැහැ කිව්වොත් කියලා හිතුණා.

එක එක නළුවෝ එක්ක එයා ආදරණීය ජවනිකා කරද්දි ඊර්ෂ්‍යා හිතිලා ඇති නේද?

එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක් ..? එයා ඉන්න නාට්‍යවල හුඟක් නළුවෝ මාත් එක්කත් හිතවත්. ඒ නිසා වැරදි වැටහීම් ඇති වෙලා නැහැ. යටි හිත දන්නවා ඒ කරන්නේ රඟපෑමක් කියලා. ඒ වුණාට පොඩි ජෙලස් එකක් ඇති වෙනවා ඉඳ හිටලා. ඒක මම ම කන්ට්‍රෝල් කර ගන්නවා.

කෙල්ලො හතර දෙනෙක් ඉන්න පවුලේ වැඩිමහල් දියණිය කසාද බැන්දේ ..?

ඒ වුණාට කිසිම බරක් නැහැ. නංගිලා එක්ක ඉද්දි හරි ජොලි. මගේම නංගිලා වගේ තමයි.

(හර්ෂණී වීරරත්න සිළුමිණ රසඳුන අතිරේකයෙන්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now