මෙවර දමිළ ඡන්ද පදනමෙන් විශාල ප්‍රමාණයක් සජිත්ට...

Sajith Premadasa ITAK
By Sithumini Sep 02, 2024 03:27 PM GMT
Report

ප්‍රබල පක්ශයක් වන ඉලංගෙයි තමිල් අරසි කච්චිහි සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව ඊයේ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා. එය විශාල සන්දිස්තානයක් බවයි දේශපාලන විචාරකයින් මත පළ කරන්නේ.

එමෙන්ම අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බවත් අද නිවේදනය කළා.

ඔහු හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම සමත්තුව පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන ඒ මහතා 1994-2000 කාලයේ සහ 2010-2015 කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු අඛණ්ඩව වසර 10ක් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල දේශපාලනඥයක් වනවා.

මෙහිදි විශේෂයෙන්ම මේ ආකාරයෙන් දෙමළ අපේක්ෂකයින්ගේ සහාය දෙමළ ජන්ද පදනම කෙරෙහි විශාල බලපෑමක් සිදුකරන බවයි වාර්තා වන්නේ.