කාන්තා සහ පිරිමි පියයුරු පිළිකා වල රෝග ලක්ෂණ.
පිළිකාව ගැන ඇහුව ගමන් හැමෝම බය වෙන්නේ ඒ තරමටම එහි මාරාන්තික බව දන්න නිසයි. හැබැයි ඔය තාරේ සමහර පිළිකා තියෙනවා මුලදීම හඳුනා ගත්තොත් මරණයෙන් බේරෙන්න. පියයුරු පිළිකා කියන්නෙත් ඒ වගේ පිළිකා වර්ගයක්. ජාතික පිළිකා මර්දන වැඩසටහන නම් පවසන්නේ ශ්‍රී ;ලංකවෙන් සෑම දිනකම පියයුරු පිළිකා රෝගීන් 12 දෙනෙකු වාර්තා වන බවයි.ඒ වගේම මෙය ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා වර්ගයක්.
ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් 50දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බවයි වාර්තා වන්නේ.
පියයුරු පිළිකා හැදෙන්නේ කොහොමද?
? පියයුරුවල කිරි නිපදවන ග්‍රන්ථිවල හෝ එම ග්‍රන්ථිවල සිට කිරි රැගෙන යන නාළවල හෝ අවට සම්බන්ධක පටකවල සෛල අසාමාන්‍ය ලෙස පාලනයකින් තොරව ආක්‍රමණකාරී ලෙස වර්ධනය වීම පියයුරු පිළිකා ලෙස හඳුන්වන්න පුළුවන්.
? ඒ වගේම පියයුරු පිළිකාවල පිළිකා සෛල ඒ අවට ඇති රුධිර නාළ වසා නාළ ඔස්සේ දුරස්ථ පටකවලටද පැතිරී හැකියාව පවතිනවා.
? එහෙම වෙන්නේ පිළිකා සෛල සමූහයක් අතට හසුවන ගැටිත්තක් තරමට විශාල වූ විටයි. එලෙස ගැටිත්තක් බවට පත්වන්නේ පිළිකා සෛල ප්‍රමාණය මිලියනයක් පමණ දක්වා වැඩි වූ පසුයි.
කාන්තාවන්ට ඇතිවිය හැකි රෝග ලක්ෂණ
? පියයුරු දෙකේ අලුතින් ඇති වූ ප්‍රමාණවල වෙනසක්.
?පියයුරුවල කොටසක් ඇතුළට නෙරා යාමක්.
? පියයුරුවල ගැටිත්තක් ඉදිමීමක්.
? පියයුරුවල සමේ වෙනසක් (තන පුඩු ආශ්‍රිතව දදයක්, සමේ ඝන වීමක්, පැහැයේ වෙනසක්, ඉදිමීමක්, දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්).
? තන පුඩුව පියයුරු තුළට නෙරා යාමක් හෝ වෙනසක්.
? තන පුඩුවලින් පිදුරු පැහැයෙන් හෝ ලේ පැහැයෙන් දියරයක් ශ්‍රාවය වීම.
? පියයුරුවල අසාමන්‍ය වේදනාවක් ඇතිවීම.
පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ
? තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
? පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
?යටිකුරු වූ තන පුඩු
? තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
? තන පුඩුවෙන් රුධිරය වහනය වීම
? කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
? තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම.
පියයුරු පිළිකාවක අවදානම තිබෙන අය
? තරුණ පිරිසට වඩා වයසට යන කාන්තාවන්ට පියයුරු පිළිකාව ඇති වීමට හැකි ප්‍රවණතාව වැඩියි.
? අඩු වයයක දී වැඩිවියට පත්විම හා ආර්තවහරණය ප්‍රමාද වී සිදුවිම යන කාණ්ඩවල සිටින කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ ජීවිත කාලය තුළ දී ආර්තව චක්‍රය වැඩි වාර ගණනක් ක්‍රියාත්මක වීම නිසා පියයුරු අධික ලෙස ඊස්ට්‍රජන් හෝර්මෝනයට නිරාවරණය වීමයි.
? මීට අමතරව පළමු දරුවා ඉපදීමට හෝ ගැබ් ගැනීම ප්‍රමාද වීම, හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දිගුකාලීනව ලබා ගන්නා කාන්තාවන්, උපත් පාලන පෙති දිගුකාලීනව ලබා ගැනීම, මධ්‍යසාර භාවිතය, අධික මේද සහිත ආහාර අනුභව කිරීම, ශාරීරික ව්‍යායාම අවම වීම, ස්ථුල බව මෙන්ම පියයුරු පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් මේ අවදානමට ලක් වෙනවා.
පියයුරු ගැටිත්තක් තිබූ පමණින් එය පිළිකාවක්ම විය හැකිද?
? පියයුරු තුළ ගැටිත්තක් ඇති අවස්ථාවක දී එය පිළිකාමය නොවන ගැටිත්තක් ද වෙන්න පුළුවනි.
? නමුත් එය පැහැදිළිවම පරික්ෂා කර පිළිකාවක් ද නැත් ද යන වග මුල් අවස්ථාවේම හඳුනාගත යුතුයි.
? පියයුරුවල ඇති විය හැකි පිළිකා නොවන ගෙඩි හෝ ගැටිති ගණනාවක් තිබෙනවා.
? ඉන් එක් ගැටිත්තක් ලෙස පයිබ්‍රෝ ඇඩිනෝමා (Fibro Adenoma) නමැති ගැටිති වර්ගය හඳුනාගන්න පුළුවන්.
? එමෙන්ම පිළිකාමය නොවන ගැටිත්තක් කළාතුරකින් පසුකාලයේදී පිළිකාවක් බවට පත්විය හැකියි.
පියයුරු පිළිකාවක් හඳුනාගන්නේ කොහොමද?
? සාමාන්‍යයෙන් අවුරුදු 20-70ත් අතර කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂා කරගත යුතුයි.
?මෙහිදී වෙනසක් දැනුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
? අවුරුදු 40 ට වැඩි වයසැති සෑම කාන්තාවක්ම වසරකට වරක් සායනික පියයුරු පරීක්ෂාවක් මඟින් තම පියයුරු පරීක්ෂා කළ යුතුයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |