QR ඉල්ලූ පොම්පකරුවකුට යතුරුපැදිකරුවන් දෙදෙනෙක් කළ හදිය.

Sri Lanka
By Wayomi Feb 17, 2023 08:13 AM GMT
Report

ඊයේ(16) රාත්‍රියේ QR කේතයක් නොමැතිව පෙට්‍රල් සැපයීම ප්‍රතික්ෂේප කළ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පුද්ගලයින් දෙදෙනෙක් පිහියකින් පහර දී තිබෙනවා.

ඒ, යාපනයේ නාවට්කුලි ප්‍රදේශයේදීයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් QR කේතය නොමැතිව පෙට්‍රල් ලබා දෙන ලෙස පොම්පකරුට බල කර ඇති තිබෙනවා.

කෙසේ වෙතත් එය පොම්පකරු විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුට එලෙස යතුරුපැදිකරුවන් කඩු පහරක් එල්ල වුණා.

පසුව සිද්ධියෙන් තුවාල ලැබූ සේවකයා චාවකච්චේරි මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපන රෝහලට මාරු කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...    

JOIN NOW