ගෑස් පෝලිමේදී පුද්ගලයෙකුට ඉනේ සගවාසිටි මත්පැන් බෝතලයකින් පහරදුන්, මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම අහෝසි කරයි..!

Nuwara Eliya Litro Gas Jeevan Thondaman
By Sewvandhi Jul 16, 2022 10:55 AM GMT
Report

 නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සුසෙයි ඇලෙක්සැන්ඩර් (ලංකා කම්කරු කොන්ග්‍රසය) මහතා නොර්වුඩ් නගරයේ ගැස් සිලින්ඩර් පොලිමේ සිටි පුද්ගලයෙකුට පහර දිමට තැත් කිරිම සම්බන්ධයෙන් එම මන්ත්‍රිවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් ආරම්භ කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා තිරණය කර ඇත.

ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුට නොගැලපෙන ක්‍රියාවක් ඔහු විසින් සිදු කර ඇති බවත්, එම මන්ත්‍රිවරයාගේ පක්ෂ සමාජිකත්වය (15) දින සිට තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව කඩිනමින් විනය පරික්ෂණයක් සිදු කිරිමට පියවර ගෙන ඇති බවයි.

නොර්වුඩ් නගරයේ ලිට්‍රො ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට (14) දින රාත්‍රියේ ප්‍රදේශවාසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් පොලිමේ තබා එම ගැස් සිලින්ඩර් ආරක්ෂා කර ගැනිමට මුරකරුවෙකු යොදා ඇත.

(14) දින රාත්‍රි 10 ට පමණ බිමත්ව පැමිණි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඔහුගේ ගෘහස්ථ ගැස් සිලින්ඩරය පොලිමේ මුලටම තැබිම සම්බන්ධයෙන් ගෘහස්ථ ගැස් සිලින්ඩර් රැක බලාගත් පුද්ගලයා විරුද්ධ වි ඇති අතර, එහිදි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඉන ප්‍රදේශයේ සගවා තිබු මත්පැන් බෝතලයක් රැගෙන ඔහුට පහර දිමට තැත් කර පසුව පොලිමේ තබා තිබුගෘහස්ථ ගැස් සිලින්ඩර් වලට පා පහරක් එල්ල කර ගැස් සිල්න්ඩර් බිමට හෙලා ඇත.

පසුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඔහුගේ ගැස් සිලින්ඩරය පොලිමේ මුලට තබා (15) දින උදැසන ඔහු විසින් ගැස් අලෙවි නියෝජිතයාගෙන් ගැස් සිලින්ඩරය මිල දි ගෙන ඇති බවයි නොර්වුඩ් ප්‍රාදේශවාසින් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now