මවක් විසින් දරුවෙක් බිහි කරන අතර තුර භූමිය කම්පාවෙයි..සිදුවූ අරුම පුදුම දෙය පටිගත වූ පසු මෙන්න..(VIDEO)

Earthquake Indian 2
By Aruna Mar 21, 2023 11:55 PM GMT
Report

ඉන්දියාවේ ,ශ්‍රීනගර්, නිම්නයේ ඊයේ දිනයේ භූමිකම්පාවක් ඇති වී තිබෙන අතර, මෙහිදී ජම්මු සහ කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ රෝහලක වෛද්‍යවරු විසින් මවකගේ සිසේරියන් සැත්කමකින් දරුවෙකු ප්‍රසූත කිරීමට අදාලව කටයුතු සිදු කෙරෙමින් පැවතියා.

මෙහිදී හදිසි සිසේරියන් සැත්කම සිදුවෙමින් පවතින අවස්ථාවේදී එහි සිටි වෛද්‍ය කාර්යයමණ්ඩලයට මෙම ප්‍රබල භූමිකම්පාව දැනුණු ආකාරය පිළිබඳ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල පැතිරෙමින් පවතිනවා.

අදාල රෝහලේ මෙම හදිසි සැත්කම ක්‍රියාත්මක වෙමින් පැවති අතරතුරෙහි භූමිකම්පාවේ ප්‍රබල කම්පන දැනී ඇති අතර එය විදුලිය විසන්ධි වීමට සහ කාර්ය මණ්ඩලය අතර භීතියට හේතු වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ, හදිසි විදුලිබල උපස්ථයක් ආරම්භ කර සැත්කම සාර්ථකව සිදු කර දරුවා බිහි කර ඇත.

සමාජ මාධ්‍ය පුරා මීට අදාල පැතිර යන වීඩියෝව පහතින් නරඹන්න.

වීඩියෝව මෙතනින් නරඹන්න👇

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now