දියවැඩියාව ඇති නැති හැමෝම බලන්න.. විශ්මිත නව ඔසුවක් ශ්‍රී ලංකාවේ නිපදවයි(PHOTOS)..

University of Ruhuna Sri Lanka
By Aruna Sep 21, 2022 01:39 AM GMT
Report

රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කෝවක්කා ශාකයේ පත්‍ර ආශ්‍රයෙන් රුධිර ගත සීනි මට්ටම් අඩු කරන දියවැඩියා රෝගය පාලනය කළ හැකි බෙහෙත් කැප්සුලයක් නිපදවා තිබෙනවා.

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවැති (20 ද) මාධ්‍ය හමුවක දී මෙම බෙහෙත් කැප්සුලය පළමු වරට හඳුන්වාදීම සිදුවුණා.

මෙම ඖෂධය සඳහා පර්යේෂණ කණ්ඩායම පේටන්ට් බලපත්‍රය ද ලබාගෙන තිබේ. මහාචාර්ය ටී.පී.වීරරත්න, වෛද්‍ය කේ.පී.ජී.වාසනා, මහාචාර්ය කේ.ඒ.පී.ඩබ්ලිව්. ජයතිලක, මහාචාර්ය ඒ.පී. අත්තනායක යන පර්යේෂණ කණ්ඩායම විසින් මෙම නව ඖෂධය සොයාගෙන ඇත.

දිය වැඩියා රෝගීන් 158 දෙනකු (අවුරුදු 30 60 අතර) සහභාගී කරවාගෙන කරන ලද පර්යේෂණයේදී මෙම ඖෂධය මගින් දියවැඩියා රෝගය පාලනය වන බවත් ඖෂධය පරිභෝජනය කිරීමෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවත් ඔප්පු වී ඇත.

නව ඖෂධය ළඟදීම වාණිජ මට්ටමින් වෙළෙදපොළට හඳුන්වා දීමට කටයුතු කරන බව මහාචාර්ය ටී.පී. වීරරත්න මහතා පැවසීය.

මෙම අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහතා ද එක්ව සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery