ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරියගේ නිවසෙහි සොරකම් කළ කාන්තාව ජීවිතක්ෂයට..
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක සහ ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ ගෘහ සේවිකාව මියගොස් තිබෙනවා. 42 හැවිරිදි මැය මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය.
නිවසේ සිටි ගෘහ සේවිකාව විසින් රන් මුදුවක් සොරාගෙන ගොස් ඇති බවට සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් විසින් මෙම කාන්තාව වැලිකඩ පොලිසියට පසුගිය මැයි මස 11 වැනිදා භාර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිසිය පවසන්නේ, බදුල්ල ප්‍රදේශයේ පදිංචි එම ගෘහ සේවිකාව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදීමෙන් පසු ඇතිවූ වේදනාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති බවයි.
ඇයව පොලිස් ස්ථානයට ගෙන එන විටත් ඇය හුස්ම ගැනීමට අපහසුව සිටි නිසා ඇයව කඩිනමින් රෝහල් ගත කළ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා. එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දීයි පසුදින මිය ගොස් ඇත්තේ. සිද්ධිය පිළිබඳව වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |