විපක්ෂයට බයේ ජනපති සභාවෙන් පිටව ගිය හැටි.

Parliament of Sri Lanka Ranil Wickremesinghe Samagi Jana Balawegaya
By Wayomi Feb 23, 2023 06:57 AM GMT
Report

කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

"විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි.ඡන්දෙ කල් දමා නැහැ.කල් දාන්න ඡන්දයක් නැහැ.මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා.මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා.

මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා.දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කීපයක් කතා කරන්න මා සිතුවා"

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය හා ආණ්ඩුනේ ස්වාධීන වූ මන්ත්‍රීවරු සභා ගැබ මැදට පැමිණියා.

ඒ සමඟම ජනපතිවරයා සභා ගැබෙන් ඉවත්ව ගොස් තිබෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW