විහාරස්ථ හිමිවරුන් විසින් අමානුෂික වධ බන්ධනයට ලක් කළ 08 හැවිරිදි සාමණේර හිමිට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka
By Wayomi Apr 29, 2023 08:05 AM GMT
Report

විහාරස්ථ හිමිවරුන් පිරිසකගේ දරුණු වධ බන්ධනයට ලක්වූ 08 හැවිරිදි සාමණේර හිමි නමක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබෙනවා.

එලෙස වධ බන්ධනයට ලක් කර ඇත්තේ, බුද්ධ පූජාවේදී හා පාඩම් දීමේදී ගාථා වැරද්දුවා යැයි කියමින්.

මෙම දරුණු වධ හිංසනයට ලක්වූ සාමනේර හිමිනම ගේ පියා අදහස් දැක්වූයේ මෙලෙසින්,

" මගේ පුතා මෙම පන්සලේ මහණ කරලා තවමත් ගෙවී ඇත්තේ දවස් 50 කටත් අඩු කාලයක්. මේ පන්සලේ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේ පිරිසක් මගේ සාමණේර පුතාට දින ගාණක් තිස්සේ අමානුෂික අයුරින් පහරදී වද හිංසා කරලා තියෙනවා. ගාථා පාඩම් නෑ කියලයි මෙහෙම හිංසා කරල තියෙන්නෙ. සාමනේර හිමි නමට කොසු කැඩෙනකං පහර දී තිබෙනවා. මුහුණට පහරදී මුත්‍රා පවා පොවා තිබෙනවා, පහරදී නාසය කඩා දමා තිබෙනවා, තොල් පුපුරා යනකම් පහරදීලා. කතුරකින් වගේම කවකටුවකින් පවා ඇනලා තුවාල කරලා තියෙනවා. ඇඟේ හැම තැනම තුවාල වෙලා, දැන් ඒ තුවාල දරුණු තත්ත්වයට පත් වෙලා.

ශාසනයට පූජා කළ පුතාට සිදුකළ මේ පහරදීම් ආරංචි වෙලා මම ඉකුත් 20 දා සාමණේර පුතාව ගම්පොළ රෝහලට ඇතුළත් කළා. පුතාගේ තත්ත්වය හොඳ නැති නිසා ගම්පොල රෝහලින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කරා. තවමත් එයා ප්‍රතිකාර ගන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නැවතිලා.

පුස්සැල්ලාව ප්‍රදේශයේ පන්සලකදී තමයි මගේ සාමණේර පුතාට මේ අමානුෂික වද හිංසා දී තිබෙන්නේ ,මම මේ සම්බන්ධයෙන් පුස්සල්ලාව පොලිසියට පැමිණිලි කළා. දැන් මේ පන්සලේ හිමිනමක් මට යෝජනා කරනවා අවශ්‍ය මුදලක් දෙන්නම් සිද්ධිය දුරදිග අරන් යන්න එපා කියලා. මට මුදල් අවශ්‍ය නෑ. මට ඕනේ මගේ දරුවාට සාධාරණයක් වෙන්නයි."   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW