රුපියල් බිලියන 206 ක පමණ සුබසාධක ප්‍රතිලාභ දෙන්න යයි..
සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.
අද (18) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
2002 අංක 24 දරණ සුභසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන ප්‍රකාරව,
*සුබසාධක ප්‍රතිලාභ ලබන්නන්ගේ මුළු සංඛ්‍යාව
*ක්‍රියාත්මක කිරීම ආරම්භ වන දිනය
*යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වැය වන පිරිවැය...
යන කරුණු නිශ්චිතව සඳහන් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ගැසට් පත්‍රයේ පළකර අදාළ ප්‍රතිලාභ දීමනා ගෙවීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුවේ.
ඒ අනුව, ක්‍රියාත්මත කළ යුතු සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කිරීමට මාර්ගෝපදේශ ලබාගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත්කර ඇත.
එකී තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන, දරිද්‍රතා පරතරය මත පදනම්ව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම් සඳහා සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ක කිරීමට සැලසුම් කෙරෙයි.
එසේම දැනට ප්‍රතිලාභ ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, හඳුනානොගත් හේතූන් මත වූ වකුගඩු රෝගීන් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වෙනම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.
ඒ අනුව, යෝජිත සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැය වන මුළු වියදම වර්ෂයකට රුපියල් බිලියන 206 පමණ වන බවට ගණනය කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |