"..ෆාමසි පුරා හෙව්වා බෙහෙත හොයාගන්න බැරි උනා..පුතා මැරුනා.." බෙහෙත් නොමැතිව මියගිය පාසල් සිසුවාගේ පියා කියන සංවේදී කතාව..(VIDEO)

Anuradhapura Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jun 13, 2022 03:19 PM GMT
Report

සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් පසු රෝගිීන්ට ලබා දෙන ඖෂධ නොමැති වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 7 වනදා සිය නිවස ඉදිරිපිට ක්‍රීඩා කරමින් සිටියදී සර්පයෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්වූ අදාළ සිසුවා කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කළ ද ඔහුට ලබා දීමට අවශ්‍ය ඖෂධ රෝහල තුළ නොතිබූ බවටයි සිසුවාගේ පියා චෝදනා කරන්නේ.

සර්පයා දෂ්ඨ කිරීමෙන් පසු ලබාදෙන එක් එන්නතක් රෝහලෙන් ලබාදුන් බවත්, සෙසු ඖෂධ ඔසුසලකින් රැගෙන එන ලෙස පැවසුව ද, කිසිදු ඖෂධයක් අනුරාධපුර ඔසුසල්වල නොතිබූ බවත් දරුවාගේ පියා පැවසුවා.

ඖෂධ හිඟය හේතුවෙන් සිය දරුවා අහිමි වූ බවයි පියා වැඩිදුරටත් පැවසුවේ.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now