අද රට පුරා ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය ගැන සම්පූර්ණ විස්තරය මෙතනින් දැනගන්න..

Sri Lanka
By Aruna Mar 15, 2023 12:53 AM GMT
Report

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ජල, විදුලි, තෙල්, අධ්‍යාපන සහ තැපැල් ඇතුලු වෘත්තිය සමිති 40ක් අද දිනයේ දී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතව තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දක්වා පළාත් මට්ටමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කළ අතර, අද දිනයේ දිවයින පුරා වර්ජනයේ නිරතවන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියා.

සබරගමුව, වයඹ, ඌව, උතුර සහ උතුරුමැද පළාත්වල ඊයේ ක්‍රියාත්මක වූ වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තම සංගමයේ සහය ඊට හිමි නොවන බවයි.

මේ අතර වරාය සහ ජල සම්පාදන වෘත්තිය සමිති අද පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහය පළ කරමින් සේවයෙන් ඉවත්වන බව එම සංගම් ප්‍රකාශ කළා.

එමෙන් ම ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ද අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වර්ජනයට සහය පළ කරනවා.

තැපැල් සේවය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මාර්ගයෙන් ඊයේ රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කළ ද සැළසුම් කළ පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවක මණ්ඩලයද අද වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව ප්‍රකාශ කළා.

ගුරුවරුන්ද අද දිනයේ පාසල් නොපැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ප්‍රකාශ කළේ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ, අද දිනයේ ක්‍රියාත්මක වර්ජනයට සහභාගි නොවන බවයි.

මේ අතර සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ගේ සංගමයද කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, අද පැවැත්වෙන වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා සිය සහයෝගය ලබා නොදෙන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති මොහොත ඊට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 

වැඩි විස්තර මෙතැනින් බලන්න.