7 වැනිදායින් පසුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග..

Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Mar 03, 2023 03:44 PM GMT
Report

 අද (03) රජයේ බදු ප්‍රතිපතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබ‍ද වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී එළඹෙන 7 වැනිදායින් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කර තිබෙනවා. 

 එමෙන්ම,අද (03) දහවල් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ ද බදු ප්‍රතිපතියට එරෙහිවයි.

එසේම රත්මලාන සහ මැදවච්චිය ප්‍රදේශවල ද ඊට අදාළව විරෝධතා සංවිධානය කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now