බලධාරීන් පැය 72 ක් ලබා දෙයි - නැතිනම් වෘත්තීය සමිතිවලින් දැඩි තීරණයක්..!

By Sithumi Jul 14, 2022 02:25 PM GMT
Report

රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයට කථානායකවරයා ඇතුළු බලධාරීන් පැය 72 ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොවුණ හොත් ලබන 18 වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා අද (14) පැවසීය. 

   ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක් වෙනුවෙන් වෘත්තීය කිසිසේත්ම පෙනී නොසිටින බව කී රවී කුමුදේෂ් මහතා වෘත්තීය සමිති ව්‍යාපාරය ලබන 17 වැනිදා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

වෘත්තීය සමිති ව්‍යාපාරය ද නියෝජනය කරන අරගල බිමෙන් ඉදිරිපත් කළ ව්‍යවස්ථානුකූල යෝජනා පිළිබඳවත් සැලකිල්ල යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම සෑම අරගල භූමියකම පොදු ඉල්ලීම බවත් කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.