රාජ්‍ය සේවක පිරිසක් දියත් කළ වැඩවර්ජනයක් අවසන් වෙයි..

Sri Lanka Strike Sri Lanka
By krishani Apr 07, 2023 06:11 AM GMT
Report

වෛද්‍ය නිවාඩු දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් දින 4 ක් තිස්සේ දියත් කළ වර්ජනය අවසන් කර ඇත.

ඒ අනුව අද(07) සිට ඉල්ලීම් ඉටු වූ බැවින් යළි රාජකාරිවලට අවතීර්ණ වන බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක පැවසීය.

ඉතිරි වෛද්‍ය නිවාඩු සඳහා වන දීමනා ලබාදීමට භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත එකඟතාව පළ කිරීමත් සමග වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join