ක්ෂේත්‍ර රැසක වර්ජන තවදුරටත් ක්‍රියාත්මකයි.
අදත් (14) වර්ජනයේ නිරත වන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසයි.
ඊයේ (13) රාත්‍රී ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාවල ප්‍රගතියක් පැවතිය ද වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තරම් එය ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ ය.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වල රෝහල්වල අද දිනය තුළ වර්ජනය ක්‍රියාත්මකයි.
අදාළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ අවසන් තීරණයක් නොලැබුණු බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා පැවසීය.
එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පැවසුවේ, බැංකු සේවකයින් අද දහවල් ලේක්හවුස් වටරවුමේ සහ ප්‍රධාන නගරවල විරෝධතාවක නිරත වන බව ය.
15 වනදා සිට වර්ජනයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |