ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අදත් සංකේත වැඩ වර්ජනයක්..

Sri Lanka Strike Sri Lanka
By krishani Mar 08, 2023 04:18 AM GMT
Report

අද (08) පෙරවරු අටේ සිට එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනා ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් ය.

ඒ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික, රසායනාගාර කටයුතු ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ලවිය හැකි බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා, අදාළ වෘත්තිය සමිති සමඟ ඊයේ සාකච්ඡාවක් පැවති අතර, එහිදී ගැටළුවලට සාධනීය පිළිතුරක් නොලැබුණු බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න පැවසීය.

කෙසේවෙතත් එම වර්ජනයට වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් එක් නොවන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිය සමිති 40ක් නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ රැස්වී තීරණය කළේ හෙට සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join