පිරිසක් සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි.

Strike Sri Lanka
By krishani Feb 17, 2023 08:10 AM GMT
Report

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි මෙන්ම වෘත්තියවේදීන් ලබන මස 1 වනදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ (16) දින වෘත්තිය වේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ තෙල්, වරාය, විදුලි, ජල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණේ සාකච්ඡාවක් කොළඹ දී පැවතියේ ය.

සංකේත වැඩවර්ජනයට පෙර ලබන 22 වනදා කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට එහිදී තීරණය වී ඇති අතර සංකේත වැඩවර්ජනයට වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිති ද සහාය පළ කර ඇත.