තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක.

Sri Lanka Strike Sri Lanka
By krishani Jan 10, 2023 10:23 AM GMT
Report

නීත්‍යානුකූල නොවන ස්ථාන මාරුවීම් ඇතුළු තවත් ඉල්ලීමක් කිහිපයක් මුල් කරගනිමින් මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශක සංගමය වර්ජනයක් ආරම්භ කර ඇත.

තම ගැටලු පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කළ ද නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බව එහි සභාපති ඩී.පී.කුමාරගේ මහතා සඳහන් කළේ ය.

එමෙන්ම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ හෙට දින සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව ඒ මහතා කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join