සිසුන්ට ඩේවිඩ්ගේ ප්‍රතිමාව පෙන්වූ විදුහල්පතිවරයෙකුට වැඩ වරදී..! තහනම් නීතියකුත් ගෙනෙයි..

United States of America Florida
By Sewvandhi Mar 25, 2023 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ෆ්ලොරිඩාවේ විදුහල්පතිවරයෙකුට,සිසුන්ව අසභ්‍ය දර්ශනවලට නිරාවරණය වන බවට දෙමාපියෙකු කළ පැමිණිල්ලකට අනුව ඉල්ලා අස්වීමට සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුනරුදය පිළිබඳ චිත්‍ර පාඩමේදී මයිකල් ඇන්ජලෝගේ ඩේවිඩ් ප්‍රතිමාව සිසුන්ට පෙන්වීමෙන් පසුව මෙම ප්‍රශ්නය මතුවූ බවයි .

ඩේවිඩ්ගේ ප්‍රතිමාව බටහිර මෙන්ම පෙරදිග කලාපය තුළත් ප්‍රසිද්ධියට ලැබූ ප්‍රතිමාවක් වනවා. නමුත් එක් දෙමව්පියෙක් එම තොරතුරු අසභ්‍ය දර්ශන සහිත බවට පැමිණිලි කළ අතර තවත් දෙදෙනෙක් කියා සිටියේ එය ඉගැන්වීමට පෙර පන්තියේ සිසුන්ගේ වයස ගැන දැන සිටීම අත්‍යවශ්‍ය වන බවයි.

පාඩමට මයිකල්ඇන්ජලෝගේ “Creation of Adam” චිත්‍රය සහ Botticelli ගේ “Birth of Venus” චිත්‍රයද යොදාගෙන තිබෙනවා. Tallahassee පාසලේ විදුහල්පති Hope Carrasaquilla කියා සිටියේ ඉල්ලා අස්වීම ගැන පාසල් මණ්ඩලය විසින් අවසන් නිවේදනයක් ලබා දීමෙන් පසුව ඇය ඉල්ලා අස් වූ බවයි.

Hope Carrasquilla මහත්මිය Tallahassee පාසලේ විදුහල්පතිනිය ලෙස වසරකටත් අඩු කාලයක් කටයුතු කළ අයෙකු බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධියෙන් පසුව බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරවරයා රජයේ පාසල්වලට ලිංගික අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉගැන්වීම තහනම් කරන නීතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නීතිය උල්ලංඝණය කරන ගුරුවරුන්ගේ පන්ති තහනම් කිරීමට හෝ ඔවුන්ගේ ඉගැන්වීම් බලපත්‍ර අහිමි කිරීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now