මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය ගැන ගත් තීරණය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පවත්වා තිබෙනවා.
ඒ, අනුව රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.
මැයි මස 21 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වැනි දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වැනි දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්, මැයි 23 වැනි දින සීල භාවනා පින්කම (වෙසක් පොහෝ දින වැඩසටහන), මැයි 24 වැනි දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වැනි දින සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වැනි දින ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ මැයි 27 වැනි දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.