ඉදිරි පැය කිහිපයේ මහින්ද යළි අගමැති තනතුරේ දිවුරුම් දෙයි ද?..ආරක්ෂාව තර කළ හේතු මෙන්න..

Sri Lanka Army Sri Lanka Police Mahinda Rajapaksa University of Colombo Sri Lanka
By Aruna May 14, 2023 05:34 AM GMT
Report

කොළඹ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කළ හේතුව සම්බන්ධයෙන් පොලිසිය පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය කරුණු හෙළි නොකළ ද අනාවරණ වී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය තුළ 750ක පමණ පිරිසක් කැරලිකාරී ලෙස හැසිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරක් ලැබී ඇති බවටයි.

ඒ අනුව මෙම ආරක්‍ෂිත පියවර ගෙන ඇති බව සඳහන්. කොළඹ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් යොදවා තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, බුද්ධි අංශ වෙත ලැබෙන අදාළ තොරතුරු පිළිබඳ යාවත්කාලීනයක් ලැබෙන තුරු අදාළ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවයි.

රජයට බලපෑම් කිරීමේ කුමන්ත්‍රණයක් කොළඹ විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවට ලැබුණු බුද්ධි තොරතුර හේතුවෙන් නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශය කොල්ලුපිටිය මංසන්ධිය අරලියගහ මන්දිරය ඇතුලු ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබුණා.

එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය ලංකා බැංකු මාවත ඇතුලු ප්‍රදේශවල ද ආරක්ෂාව තර කර ඇති ආකරය දක්නට ලැබුණා.

මෙම ආරක්ෂාව තර කිරීම හමුවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සාහය අසාර්ථක වී ඇතැයි ද සඳහන්.

මේ අතර, කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ නගරයේ මර්මස්ථාන කිහිපයක ආරක්ෂාව තර කර ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි.

කෙසේවෙතත් දැනට කැඳවා ඇති ආරක්ෂක හමුදා අද දිනයේදී විසුරුවාහැරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

මේ අතර හදිසියේ කොළඹ ප්‍රධාන මරමස්ථාන වලට මෙලෙස ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුල තවත් මතයක් පැතිරයමින් තිබේ.

ඒ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට දිනයේ යළි අග්‍රාමාත්‍යවරයා ලෙස, දිනේෂ් ගුනවර්ධන මහතා අගමැති ධූරයෙන් ඉවත්ව දිවුරුම් දෙනවාය යන මතයයි.

මෙය සමාජය තුල බොහෝසෙයින් කතාබහට ලක්වෙමින් පවතී.

නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු තහවුරු කරගත් දේශපාලන ආරංචිමාර්ගයක් තමත් ලැබී නොමැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now