ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්..

SriLankan Airlines Sri Lanka
By krishani Aug 08, 2022 12:44 AM GMT
Report

මගීන් සඳහා අමතර ආහාර සැපයීමේදී සිදු විය හැකි නාස්තිය අවම කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවල ප්‍රමාණවත් පරිදි ආහාර ලබා නොදෙන බවට පැතිර යන ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ යානාවක් තුළ සිදු වූ බව කියන සිද්ධියක් එහි සිටි මගියෙකු විසින් මෙලෙස අන්තර් ජලායට මුදා හැර තිබිණ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ එය හිතාමතා ගුවන් සමාගම කෙරෙහි අප්‍රසාදයක් ජනිත කිරීමේ අරමුණින් කරන ලද්දක් බවයි.

එදින ගුවන් යානය තුළ මගින්ගේ සංඛ්‍යාවට සාපේක්‍ෂව ආහාර තිබූ බවත් එහි දැක්වෙන අතර අනෙකුත් ගුවන් සේවාවල මෙන්ම තම සමාගම ද නාස්තිය අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join