උත්තර පත්‍ර බලන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු සූදානමින්

By Sithumi Apr 25, 2023 04:51 PM GMT
Report

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා සිය දායකත්වය ලබාදීමට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

  එම සංගමය පවසන්නේ කෙසේ වෙතත් ඊට පෙර ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බවයි.

  ඔවුන් තීරණය කර ඇත්තේ අදාළ සාකච්ඡාව ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් පමණක් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා සිය දායකත්වය ලබාදීමටයි.