උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ගැන සරසවි ආචාර්යවරුන්ගේ තීරණය
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
අදාළ ගැටළුව සම්බන්ධයෙන් රජයෙන් ලැබී ඇති ප්‍රතිචාරය පිළිබඳව සෑහීමකට පත් නොවන බවයි එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ . කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට එක්වීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇති බවට අපේක්ෂා කරන බව ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
වෘත්තිකයින් සඳහා පනවන ලද බදු මුදල් සම්බන්ධයෙන් හැර අනෙකුත් කරුණු සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ.
ඔහු ප්‍රකාශ කළේ නමුත් වෘත්තිකයින් සඳහා පනවන ලද බදු මුදල් සම්බන්ධයෙන් වන සිය ප්‍රධාන ගැටළුවට සාධාරණ විසඳුමක් ලැබී නොමැති බැවින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම පිළිබඳව අවසන් තීරණයක් ද ගෙන නොමැති බවයි.
ඉදිරි දින කිහිපය තුළ ඒ සඳහා සාධාරණ විසදුමක් අපේක්ෂාවෙන් පසුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා වැඩිදුරටත් සඳහන් කළා.