රුසියාවේ ප්‍රහාර හමුවේ යුක්රේනයේ අගනුවර යළි ඇවිළෙයි

Russo-Ukrainian War Ukraine
By Sithumi May 16, 2023 06:04 PM GMT
Report

යුක්රේනයේ කිව් අගනුවර ඉලක්ක කර රුසියාව යළිත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

  මෙම මාසය තුලදී රුසියාව යුක්රේනයේ අගනුවර ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ 08 වන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

  රුසියානු හමුදාව විසින් කිව් අගනුවර ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර හා මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර රුසියාව එල්ල කළ මිසයිල 18 ක් සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය හරහා සාර්කව ව්‍යාර්ථ කළ බව යුක්රේනය පවසා තිබුණා.

සිය හමුදාව එල්ල කළ මිසයිල සාර්ථකව නියමිත ඉලක්ක වෙත එල්ල වූ බවයි කෙසේ වෙතත් රුසියාව පවසන්නේ.