දුම්‍ රිය මැදිරි දෙකකට මැදිවූ තරුණ ජීවිතය..

By Sithumi Dec 26, 2022 02:10 PM GMT
Report

දුම්රියේ ගමන්කරමින් සිටියදී අනතුරකට ලක්වූ තරුණයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන්කරමින් සිටි තරුණයෙකු මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.  

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.  

දුම්රිය මැදිරි දෙකක් අතර එම තරුණයා සිරවී සිටියදී දුම්රියේ ගමන්කරමින් සිටි වෙනත් පිරිසක් ඔහුව දැක දුම්රිය නවත්වාගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අනතුරුව තුවාළ ලබා සිටියදී බේරාගත් තරුණයා සුවසැරිය ගිලන් රථයක් මගින් මෙලෙස රෝහල්ගතකිරීමට කටයුතු කළා.