දෙදෙනෙකුට මරු කෑදවූ ලොරි ට්‍රැක්ටර් අනතුර..

By Sithumi Apr 15, 2023 05:56 PM GMT
Report

ලොරි රථයක් සහ ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

  පොළොන්නරුව, ඕනෑගම මාර්ගයේ වළේකඩේ හංදිය ප්‍රදේශයේදීයි අද (15)  එම අනතුර සිදුවී ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ 10 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වනවා. , ට්‍රැක්ටරයේ ගමන්කළ කාන්තාවන් දෙදෙනෙකුයි අදාළ අනතුරින් මියගොස් ඇත්තේ.