බදු බර අඩු කළ හැකි ක්‍රමයක්

By Sithumi Jan 27, 2023 05:20 PM GMT
Report

වෘත්තිකයින්ගේ බදු බර අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් මුදල් සංසරණයෙන් ඉවත් විය යුතු බව ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර මහතා පවසනවා.

  සියලු ගෙවීම් මුදල් භාවිතයෙන් තොර බැංකු හෝ අන්තර්ජාලය හරහා පමණක් සිදුකිරීමෙන් බදු වංචා කරන පුද්ගලයින් හඳුනාගැනීමේ හැකියාවක් ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

  "අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය මේ බදු අඩු කරන්න පුළුවන් ද? බැරිද? වෘත්තිකයින්ගේ බදු බර අඩු කරන්න පුළුවන්. ඒකට යම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රට වේගයෙන් මුදල් භාවිතා නොකරන රටක් බවට පත්කරන්න ඕනේ. රට තුළ මුදල් සංසරණය වෙන්න බැහැ.

 ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඔන්ලයින් ක්‍රම හඳුන්වා දීලා මුදල් සංසරණය නවත්වන්න ඕනේ."  "මේ වගේ ක්‍රමවේදයකට ගියාට පස්සේ හැමෝටම සිද්ධ වෙනවා තමන් සිදුකරන ඕනම ගෙවීමක් බැංකු ක්‍රමවේදයක් හරහා සිදුකරන්න. එතකොට මේ රටේ බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවන මුදලාලිලාට නිකම්ම බදු ගෙවන්න වෙනවා.

බදු ගසාකන හැමෝගෙන්ම බදු ගත්තට පස්සේ මේ වෘත්තිකයින් පිට පමණක් පැනවෙන බද්ද අඩු කරන්න පුළුවන්. එතකොට දේශපාලකයෙකුටවත් හොරකම් කරන්න බැහැ."