ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
A D Susil Premajayantha
By Sithumi
දින 4 කට පෙර
වෘත්තීය වගකීමටත් වඩා සමාජ වගකීම ඉටු කිරීමට මානුෂීය මුහුණුවරකින් බලා ගුරුවරුන් වගවීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ මානව හිමිකම් ඉල්ලා හඬ නොනඟන ලක්ෂ 41 ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කිරීමට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුත් නොමැති බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ වෘත්තීය වගකීම නිසි ලෙස ඉටු කරන ගුරුවරුන් මෙන්ම එසේ කටයුතු නොකරන ගුරුවරුන් හේතුවෙන් පාසල් සිසුන්ට ගැටළු රැසකට මුහුණ දීමට ද සිදුව ඇති අතර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා නොකිරීම අයහපත් තත්ත්වයක් වන බවයි.
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.
|