මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කළ අතුරු නියෝගය...
පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මන්නාරම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව දන්වමින් අදාළ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී තිබෙනවා.
එම නියෝගය අනුව අදාළ ලිපිය ක්‍රියාත්මක කිරීම මේ මස 21 දක්වා වළක්වමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස අතුරු නියෝගයක් නිකුත් කර තිබෙන්නේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
කිසිදු හේතුවක් නොදන්වා එය ප්‍රතික්ෂේප කළ බව දන්වා අදාළ තේරීම්භාර නිලධාරියා විසින් ලිපියක් නිකුත් කළ බවයි පෙත්සම්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අධිකරණය හමුවේ කියා තිබුණේ, සිය නාමයෝජනා පත්‍රය භාරගෙන පසුවයි.
අදාළ තේරීම් භාර නිලධාරීයාගේ මෙම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.