කෝටි 6 ක් වංචා කළ කාන්තාවක් හසුවේ. බැංකු නිළධාරියෙක් ගැනත් සැකයක්..

By Sithumi Aug 07, 2022 05:50 PM GMT
Report

රාජ්‍ය බැංකුවකින් රුපියල් 06 කෝටි අසූතුන් ලක්ෂ හතලිස් දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර පුද්ගලික ණය ගොනු 48 ක් මගින් කඩවත ප්‍රදේශයේ බැංකු ශාඛාවකින් අන් අය ලෙස පෙනී සිටිමින් මෙම වංචාව සිදුකර ඇති බව මේවන විට හෙළිව ඇත. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී එම ගොඩනැගිල්ලේ පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය එම බැංකුවේ ණය අංශයේ සේවය කරන ලද දැනට විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරිවරියක බවද අනාවරණ වී තිබේ. 62 හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව පැවසේ. මේ අතර, මෙම ණය දීම සඳහා අනුමැතිය ලබාදීමට හා එහි ලිපි ලේඛන පරික්ෂා කර ඇත්තේ අදාළ රාජ්‍ය බැංකුවේ එකම නිලධාරිනියක් විසින් බවද හෙළිව තිබේ.

ඇයව මේවන විට වෙනත් අංශයක් වෙත මාරුකර ඇති බවත් පැවැසේ