පුතෙකු කළ මහපොළව නුහුලන අපරාධය..

Sri Lanka
By Sithumi Jan 22, 2023 01:13 PM GMT
Report

තියුණු ආයුධයකින් පහරදී මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ දී 83 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.  

සිද්ධියට සැකපිට මරණකරුගේ පුත්‍රයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. 

බහින්බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයාට සැකකරු තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසනවා තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී එම පුද්ගලයා මියගොස් තිබුණි. 

  සිද්ධිය සම්බන්ධයේ මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.