සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මන්ත්‍රීන්ට බලපෑම් කල අයට වැඩ වැරදුණු හැටි..

By Sithumi Jul 19, 2022 02:17 PM GMT
Report

සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ පැමිණීල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ අද (19) කරුණු වාර්තා කර ඇත. 

සමාජ්“රනිල්ට ඡන්දය දී ගමට එන්න එපා. ගමේ කෑම ලෑහැස්තියි” යනුවෙන් මුහුණු පොතේ දැන්වීම් නිර්මාණය කර ඒවා බෙදා හැරීම සම්බන්ධයෙන් වන මෙම පැමිණීල්ල කතානායකවරයා විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති බවත් පසුව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනයට ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී